ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ (SLTB) විශ්ලේෂණ රසායනාගාරය, දේශීය හා අපනයන වෙළඳපොළවල් සඳහා සිලෝන් තේවල ගුණාත්මකභාවය හා සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා වන ජාතික රසායනාගාරයයි. මෙම රසායනාගාරයේ තේ සඳහා ජාතික හා ජාත්‍යන්තර නියාමන ආයතන විසින් නියම කරන ලද පරාමිතීන්, පළිබෝධනාශක උපරිම අවශේෂ සීමා (MRLs) ඇතුළුව, නිමි තේවල රසායනික, ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක සහ පළිබෝධනාශක අවශේෂ විශ්ලේෂණ සිදු කරයි. රසායනාගාරය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) ISO/IEC 17025:2017 ප්‍රතීතනය හිමිකරගෙන ඇති අතර, එහි ප්‍රතීතන විෂය පථයට ඇතුළත් අන්තර්ජාතිකව පිළිගත් පරීක්ෂණ ක්‍රම භාවිතා කරයි. LC-MS/MS, GC-MS/MS, සහ HPLC ඇතුළු නවීන උපකරණවලින් සන්නද්ධ මෙම රසායනාගාරය, ජාත්‍යන්තර තේ වෙළඳාමේ තේ ගුණාත්මකභාවය තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන තාක්ෂණික අධිකාරිය ලෙස කටයුතු කරයි.
රසායනාගාරයේ ව්යුහය
විශ්ලේෂණ රසායනාගාරය පහත සඳහන් ඒකකවලින් සමන්විත වේ:
- රසායනික විශ්ලේෂණ අංශය (Chemical Analysis Unit)
- ක්ෂුද්‍ර ජීව විද්යාත්මක විශ්ලේෂණ අංශය (Microbiological Analysis Unit)
- පළිබෝධනාශක අවශේෂ විශ්ලේෂණ අංශය (Pesticide Residue Analysis Unit)
- තත්ත්ව සහතික කිරීමේ අංශය (Quality Assurance Unit)
රසායනික විශ්ලේෂණ අංශය (Chemical Analysis Unit)
රසායනික විශ්ලේෂණ අංශය, එක් එක් විශ්ලේෂණ පරාමිතියට අදාළ පරිදි ISO ක්‍රම වැනි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිත ක්‍රම මෙන්ම වලංගු කරන ලද අභ්‍යන්තර ක්‍රම ද භාවිතා කරමින්, තේවල පුළුල් පරාසයක රසායනික සංයුතිය හා ගුණාත්මක පරාමිතීන් පරීක්ෂා කරයි.
නිවැරදි හා විශ්වසනීය විශ්ලේෂණ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා, මෙම අංශය ගුරුත්ව මිනුම් (gravimetric), අනුමාපන(titrimetric), වර්ණාවර්ණ මිනුම් (spectrometric) ක්‍රම මෙන්ම High-Performance Liquid Chromatography (HPLC) සහ Evaporative Light Scattering Detection සහිත HPLC (HPLC-ELSD) වැනි ක්‍රොමැටෝග්‍රැෆික් තාක්ෂණයන් ඇතුළු විවිධ විශ්ලේෂණ ක්‍රම භාවිතා කරයි. මේවාට ඇතුළත් වන්නේ:
- තෙතමනය (Moisture Content) — පරීක්ෂණ ක්‍රමය: ISO 1573:1980
- මුළු අළු ප්‍රමාණය (Total Ash) — පරීක්ෂණ ක්‍රමය: ISO 1575:1987
- ජලයේ ද්‍රාව්‍ය අළු ප්‍රමාණය (Water-Soluble Ash) — පරීක්ෂණ ක්‍රමය: ISO 1576:1988
- ජලයේ ද්‍රාව්‍ය අළුවල ක්ෂාරීයතාව (Alkalinity of Water-Soluble Ash) — පරීක්ෂණ ක්‍රමය: ISO 1578:1975
- අම්ල-අද්‍රාව්‍ය අළු (Acid-Insoluble Ash) — පරීක්ෂණ ක්‍රමය: ISO 1577:1987
- අමු තන්තු ප්‍රමාණය(Crude Fibre) — පරීක්ෂණ ක්‍රමය: ISO 15598:1999
- ජල සාරය (Water Extract) — පරීක්ෂණ ක්‍රමය: ISO 9768:1994
- මුළු පොලිෆෙනෝල් (Total Polyphenols) — පරීක්ෂණ ක්‍රමය: ISO 14502-1:2005
- තියානීන් (Theanine) — පරීක්ෂණ ක්‍රමය: ISO 19563:2017
- කැෆේන් (Caffeine) — පරීක්ෂණ ක්‍රමය: ISO 14502-2:2005
- මූලික විකිරණ නිර්ණය (Determination of Basic Radiation)
- තේ අංශු ප්‍රමාණය විශ්ලේෂණය / තේ දූවිලි විශ්ලේෂණය (Sieve Analysis / Tea Dust Analysis)
ක්ෂුද්‍ර ජීව විද්යාත්මක විශ්ලේෂණ අංශය (Microbiological Analysis Unit)
දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට ආරක්ෂිත, උසස් තත්ත්වයේ තේ සැපයීම තහවුරු කිරීම සඳහා Total Plate Count, Yeast and Mould Count, Coliform පරීක්ෂාව සහ Escherichia coli හඳුනාගැනීම ඇතුළු සම්ප්‍රදායික කල්චර් පදනම් කරගත් හඳුනාගැනීමේ ක්‍රමවේදයන් භාවිතයෙන් ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරයි.
- මුළු බැක්ටීරියා ගහනය (Total Plate Count) — පරීක්ෂණ ක්‍රමය: ISO 4833-1:2013
- යීස්ට් හා පුස් ගණන (Yeast and Mould Count) — පරීක්ෂණ ක්‍රමය: ISO 21527-2:2008
- තේ සඳහා කොලිෆෝම් පරීක්ෂණය (Coliform Test for Tea) — පරීක්ෂණ ක්‍රමය: ISO 4831:2006
- තේ සඳහා Escherichia coli පරීක්ෂණය (Escherichia coli Test for Tea) — පරීක්ෂණ ක්‍රමය: ISO 7251:2005
- අන්වීක්ෂීය පරීක්ෂණය (Microscopical Examination)
- මියගිය කෘමීන් හා කොටස්: (Dead Insects and Fragments)
- ජීවමාන කෘමීන් හා කොටස්: (Alive Insects and Fragments)
- බාහිර ද්‍රව්‍ය (Foreign Matter)
- දෘශ්‍යමාන පුස් වර්ධනය (Visible Mould Growth)
- අංශුවල පෙනුම (Particle Appearance)
පළිබෝධනාශක අවශේෂ විශ්ලේෂණ අංශය (Pesticide Residue Analysis Unit)
ජාත්‍යන්තර ආහාර ආරක්ෂණ නියාමනයන්ට සහ වෙළඳපොළවල් මගින් පනවා ඇති පළිබෝධනාශක උපරිම අවශේෂ සීමාවන්ට (MRLs) අනුකූලතාවය පරීක්ෂා කිරීම සඳහා උසස් Chromatographic සහ Mass-spectrometric තාක්ෂණයන් භාවිතයෙන් පළිබෝධනාශක අවශේෂ විශ්ලේෂණය සිදු කරයි.
- Diuron & Hexaconazole විශ්ලේෂණය — පරීක්ෂණ ක්‍රමය: QuEChERS – LC-MS/MS
- MCPA & 2,4-D විශ්ලේෂණය — පරීක්ෂණ ක්‍රමය: LC-MS/MS
- ආනයනික තේ විශ්ලේෂණය (Imported Tea Analysis) — පරීක්ෂණ ක්‍රමය: QuEChERS – LC-MS/MS
- ග්ලයිෆොසේට් විශ්ලේෂණය (Glyphosate Analysis) — පරීක්ෂණ ක්‍රමය: LC-MS/MS
තත්ත්ව සහතික කිරීමේ අංශය (Quality Assurance Unit)
රසායනාගාරයේ ප්‍රමිතීන් සහ සමස්ත තත්ත්ව කළමනාකරණ පද්ධතිය පවත්වාගෙන යයි. ISO/IEC 17025:2017 අනුකූලතාව අධීක්ෂණය කිරීම, රසායනාගාරයේ නිරවද්‍ය බාවය තහවුරු කිරීම සහ ඉහළ නැංවීම සඳහා අන්තර්-රසායනාගාර නිපුණතා පරීක්ෂණ (inter-laboratory proficiency testing) සම්බන්ධීකරණය කිරීම, රසායනාගාර අභ්‍යන්තර විගණන සහ ලේඛන කළමනාකරණය කිරීම සහ රසායනාගාරයේ මෙහෙයුම් ස්ථාවරත්වයට පදනම් වන තත්ත්ව කළමනාකරණ පද්ධති ලේඛන පවත්වාගෙන යාම මෙයට ඇතුළත් වේ.
රසායනාගාරයේ කාර්යභාරයන්
ක්ෂේත්රයේ කොටස්කරුවන් සඳහා විශ්ලේෂණාත්මක සේවාවන් සැපයිම
රසායනාගාරය තේ නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ කර්මාන්තයේ අනෙකුත් කොටස්කරුවන් සඳහා අවශ්‍ය විශ්ලේෂණ සේවා සපයයි. අපනයන කටයුතු සඳහා අවශ්‍ය ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණ වාර්තා සහ විශ්ලේෂණ සහතික නිකුත් කරමින්, ගෝලීය වෙළඳපොළ තුළ විශ්වාසයෙන් යුතුව තරඟ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක තහවුරු කිරීම පාර්ශවකරුවන්ට සහ වෙළඳ හවුල්කරුවන්ට ලබා දෙයි.
නියාමන සහාය
ජාතික හා ජාත්‍යන්තර ආහාර ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූලතාව තහවුරු කරමින් රසායනාගාරය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සහය දක්වයි. පාරිභෝගික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා පළිබෝධනාශක අවශේෂ හා අනෙකුත් දූෂක සඳහා විශ්ලේෂණ සිදු කරන අතර, කාලෝචිත හා විශ්වසනීය පරීක්ෂණ සේවා මගින් නියාමන බලාත්මක කිරීම හා සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සඳහා තේ කොමසාරිස් කොට්ඨාසයට සහයෝගය දක්වයි. එසේම කළු තේ ISO 3720 ට හා කොළ තේ ISO 11287 ට අනුකූල බව, මෙන්ම SLTB හි අවම ගුණාත්මක අවශ්‍යතාවලට අනුකූල බව සත්‍යාපනය කරයි.
පර්යේෂණ හා සංවර්ධන සහාය
නව විශ්ලේෂණ ක්‍රමවේද සංවර්ධනය කිරීමට හා ඒවා නිරන්තර පරීක්ෂණ මෙහෙයුම් තුළට ඒකාබද්ධ කිරීමට රසායනාගාරය ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ප්‍රමිති හා පරීක්ෂණ ක්‍රමවේද සංවර්ධනය සඳහා ISO කණ්ඩායම්වලට සහභාගී වන අතර, නව පරීක්ෂණ ක්‍රම වලංගු කිරීම සඳහා ISO මගින් සංවිධානය කරන ලද අන්තර්-රසායනාගාර සංසන්දන අධ්‍යයනවලට දායක වන අතර, තේ සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා විශ්වවිද්‍යාල පර්යේෂකයින් වෙත සහාය ලබා දෙයි.
තාක්ෂණික පුහුණුව සැපයිම
උපාධිධාරී සිසුන් සඳහා ව්‍යුහගත කාර්මික පුහුණුව ලබා දෙන අතර, දියුණු රසායනාගාර භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙමින් කර්මාන්තය සඳහා තාක්ෂණික ප්‍රවීණත්වය ගොඩනගයි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශ්ලේෂණාත්මක රසායනාගාරය, එහි පරීක්ෂණ ක්‍රමවේද, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සහ නිරන්තර ක්‍රමවේද සංවර්ධනය හරහා, ගෝලීය වෙළඳපොළ තුළ ‘ලංකා තේ‘ වල ගුණාත්මකභාවය සහ කීර්තිනාමය සුරකින ප්‍රධාන තාක්ෂණික සම්පතක් ලෙස පවතී.



